සිංහල

රදෝයේ දොමොනවිච් (පෙබරවාරි 16, 1873 – අගෝස්තු 17, 1908) සර්බියානු කතුවරයෙකු,මාධ්‍යවේදියකු සහ ගූවරයෙකු වූයේය.ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහුගේ උපහාසාත්මක කෙටි කතා සඳහාය.

රඩෝයේ දොමොනවිච්මධ්‍යම සර්බියාවේ ඔව්සිශේ නම් ග්‍රාමයේ,පළමු සහ දෙවන සර්බියානු කැරලි වලදී යුධ සේනාපතිවරයෙකු  වූපාව්ලේ සුකිච්ගේදියණිය වූ පසීඩා සුකිච් සහ ගුරුවරෙක් හා ව්‍යවසායකයෙක් වූ මිලොශ් දොමොනොවිච්ගේපුත්‍රයා ලෙස උපත ලැබීය.ඔහු ඔහුගේ ළමා කාලය ක්‍රැගුවෙවාට්ස් අසල පිහිටි යරුසිශේ නම් ගමේ ගෙවීය.ඔහුප්‍රාථමික අධ්‍යාපනය ලැබේද එහිදීය.ඔහු ක්‍රගුජෙවැක් වලින් ද්විතීයික අධ්‍යාපනය අවසන් කර බෙල්ග්‍රේඩ් විශ්ව විද්‍යාලයේ දර්ශනය පීඨයෙන් උපාධිය ලබා ගත්තේය. එහිදී ඔහු සර්බියානු භාශාව සහ ඉතිහාසය හැදෑරීය.

1895දී,දොමොනවිච්හට දකුණු සර්බියාවේමෑතකදී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස් කරගන්නා ලද පයිරොට්හි ගුරුවරයෙක් ලෙස ඔහුගේ පළමු පත්වීම ලැබුනි.එහිදී ඔහුට ඔහුගේ දේශපාලන දැක්මගොඩනගා ගැනීමට උපකාර කලගුරුවරයෙක්  හා දේශපාලන ක්‍රියාකාරියෙක් වූ යශා ප්‍රොදනොවිච් (1867–1948) මුණ ගැසීය.එහිදී ඔහුට ඔහුගේකෙටි සහ කැළඹිලි සහගත ජීවිතය පුරාවම ඔහුට සහයක් වූ සහ දරුවන් තිදෙනෙකු සෑදූ අනාගත බිරිඳ, නතාලියා රකේතිච් (1875–1939) ද හමුවිය.ඇය ශ්‍රෙම්ස්කී කාර්ලොව්ට්සී වලින් පැමිණි දුප්පත් පාසල් ගුරිවරියක් වූවාය.

ඔහු විපක්ෂයට,ජනතා විප්ලවවාදී පක්ෂය,එකතු වූ නිසා ඔහුඔබ්‍රෙනොවිච් වංශය සමඟ ගැටුම් ඇති කරගත්තේය.1895 අග ඔහුට ව්‍රන්යේවලට ස්ථාන මාරුවක් ලැබුනු අතර ඉන්පසු 1896දී නැවතත් ලෙස්කොවැට්ස් වලට මාරු කෙරුණි.ගුරුවරයෙකව සිටි කාලයේදීමදොමොනවිච්  ලේඛන කලාව අරඹන්නේ  1895 දීඔහුගේ පළමු තාත්ත්වික කෙටි කතාව පලකරමිනි.

1898දී රජයට විරුද්ධව ඔහුගේ පළමු පෙනීසිටීමෙන්පසු,ඔහුත් බිරිඳත් දෙදෙනාම සිවිල් සේවාවෙන් ඉවත් කල අතර,දොමොනවිච් පවුලත් සමඟ බෙල්ග්‍රේඩ් වලට ගියේය.

බෙල්ග්‍රේඩ්හිදී ඔහු සහෝදර කතුවරුන් සමඟ “තරුව” නම් සතිපතා සඟරාවේ සහ විපක්ෂයේ දේශපාලනික පුවත්පතක් වූ “දෝංකාරය” හි වැඩ කිරීමට පටන් ගත්තේය.මෙම කාලයේදී ඔහු “යක්ෂයා” සහ “ආශාවන් අහෝසි කිරීම” වැනි පළමු උපහාසාත්මක කතා පලකිරීමට පටන් ගත්තේය.ඔහු පාලන තන්ත්‍රයේ කුහකම් සහ වැරදි වලටප්‍රසිද්ධියේ පහර දීඑලිදරව් කලඔහුගේ වඩා ප්‍රසිද්ධම කතා වූ “නායකයා” (1901) සහ “වේදනාවේ දේශය” (1902) එළිදැක්වීමෙන් පසුව රදෝයේ කීර්තියට පත්විය.

1903දී ඇලෙක්සැන්ඩර් ඔබ්‍රෙනොවිච්ගේ පාලනය අවසන් කල කුමන්ත්‍රණයෙන් පසුව, ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි දොමොනොවිච්හට අද්‍යාපනඅමාත්‍යාංශලේකම් තනතුර ලැබුණි.නව රජයඔහුට වැඩිදුර අද්‍යාපනය සඳහාවසරක කාලයකට ජර්මනියට යාමට අවසර ලබා දුන්නේය.එම කාලය ඔහු මියුනිච් ගත කලේය.නැවත සර්බියාවට පැමිණි පසු සමාජයේ සැබෑ වෙනසක් සිදු නොවී තිබෙනු දුටු දොමොනවිච් දැඩි කනස්සල්ලට පත්විය.ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලතා දිගින් දිගට විවේචනය කල ඔහුගේම සතිපතා දේශපාලනසඟරාව, “වේදනාවේ දේශය” ආරම්භ කලේය.නමුත් ඔහුගේ ලිවීම් තුල පෙර තිබූ ශක්තිය සහ ආශ්වාදය නොවීය.

දීර්ඝ කාලයක් නිදන්ගත නියුමෝනියාව සහ ක්ෂය රෝගය සමඟ සටන් වැදීමෙන්පසුවරදෝයේ දොමොනවිච් 1908අගෝස්තු 17මද්‍යම රාත්‍රීය පසුවී පැග භාගයකින් ගත වූතැන මිය ගියේය.එවිට ඔහුගේ වයස 35කි. බෙල්ග්‍රේඩහි නව සුසාන භුමියේ ඔහුව මිහිදන් කලේය.ඔහුගේ ප්‍රකාශයට පත් නොකල කාර්යයන් පළමු ලෝක යුද්ධයේදී නැති වී ගියේය.

සාහිත්‍යය කටයුතු

රදෝයේ දොමොනවිච්ගේ සුප්‍රසිද්ධ කෘති අතර:

  • යක්ෂයා, 1898
  • ආශාවන් අහෝසි කිරීම, 1898
  • මුද්රාෝව, 1899
  • නායකයා, 1901
  • දෙවැනි වරටත් මාර්කෝ කුමරු සර්බියානුවන් අතර, 1901
  • මළ මුහුද, 1902
  • වේදනාවේ දේශය, 1902
  • නූතන කැරැල්ල 1902
  • සාමාන්යය සර්බියානු ගවයෙ කුගේ සිතුවිලි, 1902

“රදෝයේ දොමොනොවිච්” ව්යාාපෘතිය පවත්වාගෙන යනු ලබන්නේ තත්ව ඉංජිනේරුවෙක් හා සාහිත්යීයට ලැදි අයෙක් වන ව්ලැදිමීර් සිවනොවිච් විසිනි.මෙහි අරමුණ වන්නේ සර්බියානු ලේඛක රදෝයේ දොමොනොවිච්ගේ සියලු කෘති ඩිජිටල්කරණයකිරීම සහ ලොව වටා සිටින පාඨකයන්ට මුල් කෘති සහ පරිවර්තන කියවීමට හැකියාවලබා දීමයි.පහත් කතා ව්යාුපෘතිය වෙනුවෙන් විශේෂයෙන්ම පරිවර්තනය කරන ලද අතර මෙහි පලකර ඇත්තේ ප්රිථම වතාවටය.

  • නායකයා (1–2–3), 1901
  • මුද්රාෝව, 1899
  • සාමාන්යය සර්බියානු ගවයෙ කුගේ සිතුවිලි, 1902

“රදෝයේ දොමොනවිච්” ව්යාාපෘතිය සඳහා සංජනා ඒකනායකවිසින් පරිවර්තනය කරන ලදී.

 

 


[Contents of this biographical reference page were written for the “Radoje Domanović” Project with the goal of promoting the life and works of the famous Serbian satirist, Radoje Domanović, and are released into public domain. Editor]